හොංකොං ලෝක වෙළෙඳපොළ මධ්‍යස්ථානයේ ගින්නක් හටගෙන ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේ එහි පුද්ගලයින් 1,200ක් පමණ සිට ඇති අතර ඔවුන් බේරාගෙන ඇති බව වාර්තා වේ.
ගින්නෙන් පුද්ගලියන් 13 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව සඳහන් වේ.
තවමත් එහි මිනිසුන් සිය ගණනක් සිරව සිටින බවත් ඔවුන් බේරාගැනීමට මේ වන විට මුදවාගැනීමේ කණ්ඩායම් යොදවා ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ගින්නට හේතුව හොංකොං ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ විදුලි ස්විච සහිත කාමරය තුළ හටගත් විදුලි කාන්දුවක් බව සඳහන් කරයි.















































