අගමැති තනතුර සඳහා ස්වාධීන කණ්ඩායමෙන් නම් 3ක්!

අගමැති තනතුර සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ස්වාධීන මන්ත්‍රී කණ්ඩායමෙන් ජනාධිපතිවරයා වෙත නාමයෝජනා තුනක් ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නව අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කර ගැනීමට ජනාධිපති නීතිඥ විජේදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම ගේ නම් යෝජනා කර තිබෙනවා.

මේ අතර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ හිටපු අග්‍රාමාත්‍ය වරයකු වන රනිල් වික්‍රමසිංහ අතර ඊයේ(11) සවස කොළඹ කොටුව ජනාධිපති මන්දිරයේ දී විශේෂ සාකච්ඡාවක් පැවැත්වුනා. පැයකට අධික කාලයක් පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා විසින් රනිල් වික්‍රමසිංහට අග්‍රාමාත්‍ය ධූරය භාරගන්නා ලෙස ඉල්ලා සිටි බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරනවා.

Exit mobile version