අගමැති නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් පරීක්ෂණ CID ට භාරදෙයි!

Statue of Justice with scales in lawyer office. Legal law, advice and justice concept

ඊයේ (09) දින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවසට ගිනි තැබීම සම්බන්ධ පරීක්‍ෂණ කටයුතු සිදු කිරීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදී ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් අධිකරණ වෛද්‍ය නිලධාරියා වෙත ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ.

ඒ අනුව අධිකරණ වෛද්‍ය වාර්තා ලබා ගැනීමෙන් අනතුරුව අද (10) පස්‌වරුවේ සැකකරුවන් තිදෙනා කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

Exit mobile version