අටළුගම අතුරුදන් වූ දැරියගේ සිරුර වගුරු බිමකින් හමුවෙයි.

බණ්ඩාරගමල අටලුගම ප්‍රදේශයේදී අතුරුදන් වූ නව හැවිරිදිල ෆාතිමා අයීෂා දැරියගේ සිරුර හමුවී තිබෙනවා.

ඒ එම දැරියගේ නිවස ආසන්න ප්‍රදේශයේ වගුරු බිමක තිබියදීයි.

ඊයේ දිනයේ දී ඇය සිය නිවසේ සිට මීටර් 250ක් පමණ දුරකින් තිබූ වෙළෙඳසැලක් වෙත ගොස් තිබුණු අතර ඇය නැවත නිවස වෙත පැමිණ තිබුණේ නැහැ.

මෙම දැරියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි ලැබීමත් සමග ඇය සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ විමර්ශන ආරම්භ කර තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Exit mobile version