අඩු ආදායම් ලාභී පවුල්වල මන්දපෝෂණ තත්ත්වයක්

කොළඹ විශ්ව විද්‍යාලයේ ආචාර්ය ප්‍රියංග දුණුසිංහ මහතා ප්‍රකාශ කළේ රට තුළ උද්ධමනය ඉහළ යාම හේතුවෙන් අඩු ආදායම්ලාභී පවුල් තුළ  දැඩි ආහාර ගැටලුවකට මුහුණ දීමට සිදුවන බවයි.

එම පවුල් තුළ මන්දපෝෂණ තත්ත්වයක් ඇති වීමේ හැකියාවක් ද පවතින බව ද ඔහු පෙන්වා දී ඇත.

මෙතුළින් නාගරික දුප්පත් ප්‍රජාව, ග්‍රාමීය දුප්පත් ප්‍රජාව මෙන් ම වතුකර ජනතාව ද පීඩා විඳින කරුණක් වන බවත්, මේ වන විට ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමට ඔවුන් ඇති හැකියාව සීඝ්‍රයෙන් පහළ යමින් පවතින බවත් ආචාර්ය ප්‍රියංග දුණුසංහ මහතා වැඩිදුරටත් සඳහන් කර ඇත.

Exit mobile version