ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් කුඩු කිලෝ 196 ක් ලංකාවට රැගෙන එද්දී මහමුහුදේදී අත්අඩංගුවට ගන්නා ලද කුඩු ජාවාරම්කරුවන් පස්දෙනාට එරෙහි චෝදනාවල පැමිණීල්ල දෙදරා ගොස් ඇතැයි ඒකමතිකව තීන්දු කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ 05 දෙනාම ඊයේ (06) නිදොස් කොට නිදහස් කළේය.
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය බාරව සිටි නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ අධීක්‍ෂණය යටතේ මෙම සිද්ධියට අදාළ විමර්ශන සිදුකළත් එම විමර්ශන කළ ආකාරය පිළිබඳ මවිතය පළකරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විත්තිකරුවෝ නිදොස් කොට නිදහස් කළේය.
ශ්‍රී ලංකාවට මහත් තර්ජනයක්ව පවතින මත් ජාවාරම්කරුවන්ට එරෙහි නඩුව විශේෂ නඩු කටයුත්තක් ලෙස සලකා විභාග කිරීම සඳහා ඉතිහාසයේ ප්‍රථම වතාවට පත්කළ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල මාස 06ක කාලයක් තුළ පැවැත්වු දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විනිසුරු මඩුල්ල මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලද්දේ මෙලෙස චෝදනා ලැබ සිටින්නේ අනුර චමින්ද අප්පුහාමි” තවරාසා සුදාකරන්” අග්ලේස පිල්ලේ තවරාසා” ලසන්ත ප්‍රියලාල් අප්පුහාමි සහ කන්දයියා චන්ද්‍රකුමාර් නමැත්තන්ය.
මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා (සභාපති) මංජුල තිලකරත්න සහ මහේන් වීරමන් යන මහත්වරුන් විසින් එලෙස නියම කරන ලදී.
– ලංකාදීප –
