අත්අඩංගුවෙන් මිදී පළා ගිය සැකකරු කොටුවෙයි.

පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගිය සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට වීරකැටිය පොලීසියට හැකි වූ බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ තිස් හත් හැවිරිදි තැඹිලි ගහවත්ත ,හීල්ලගේ අයින,ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි තැඹිලි අජිත් නැමැත්තෙකි.

පසුගිය දෙවැනිදා හෙරොයින් ග්‍රෑම් 8කට අධික ප්‍රමාණයක් සහිතව අත්අඩංගුවට ගත් මෙම සැකකරු අත් විලංගුද සහිතව පොලිස් අත්අඩංගුවෙන් මිදී පළා ගොස් තිබූ බව සදහන්.

ඉන් පසු නැවත අත්අඩංගුවට ගත් සැකකරු සතුව අත් විලංගු ජෝඩුවද තිබී සොයාගත් බවට පොලීසිය පවසයි.

මේ සම්බන්ධයෙන් වීරකැටිය පොලීසිය ඉදිරි විමර්ශණ කටයුතු සිදුකරනු ලබයි.

Exit mobile version