මනුෂ්‍ය ඝාතන රැසකට සම්බන්ධ අපරාධකරුවකු කටුනායක ගුවන්තොටුපොළ පොලීසියේ අත්අඩංගුවෙන් මුදවාගෙන රැගෙන ගිය බව කියන චීවරධාරීන් දෙදෙනෙකු හා මෝටර් රථයේ රියදුරාව අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
බස්නාහිර පළාත් දකුණු අපරාධ කොට්ඨාසය පවසා ඇති ආකාරයට හෙට්ටිපොළ ප්‍රදේශයේදී ඔවුන් තිදෙනා අත්අඩංගුවට ගත් බවත් එහිදී සැකසහිත චීවරධාරීන් දෙදෙනා පැමිණි බවට සැකකරන මෝටර් රථය ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇති බවයි සදහන්ව ඇත්තේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝටර් රථයේ රියදුරු ලෙස කටයුතු කළ අඹේවෙල, කළුබෝවිටියන පදිංචි කඹුරුගමුව වීරසිංහ ආරච්චිලාගේ දිලාන් නමැති 27 වියැතිපුද්ගලයා හා හෙට්ටිපොල රිට්ටාදෙනිය ශ්‍රී ජය ලංකාරාම විහාරස්ථානයේ පොත්තේ වල ඉන්ද්‍රසාර 38 වියැති හිමි, දිවුල්වැවේ දීපානන්ද 40 වියැති හිමි යන තිදෙනා බවයි සදහන් වන්නේ.
