කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වකුගඩු ප්‍රතිකාරයක් සඳහා ගිය “මුහම්මද් හම්දි” නම් තුන් හැවිරිදි පිරිමි ළමයෙකුට සිදුවූ ලොකුම අසාධාරණය.
අක්‍රිය වූ වකුගඩුවක් ඉවත් කිරීමට උපදෙස් දුන් වෛද්‍යවරුන්ම වකුගඩු දෙකම ඉවත් කර.., පසුව වරදකින් සිදු වූවක් බව පැවසීමේ පසුබිම කුමක්ද…?
එසේනම් වැරදීමකින් ඉවත් කරන ලද දරැවාගේ වකුගඩුව කොහෙද…?
ශල්‍යකර්මය කරන ලද වෛද්‍යවරයා දැනට විදේශගත වී ද ඇත.
********
මුහම්මද් හම්දි නම් දරුවාට වයස අවුරුදු එකේ සිට මුත්‍රා කිරීමේදී ඇති වූ යම් අපහසුතාවයක් හේතුවෙන් ඔහු කලක් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය මලික් සමරසිංහ මහතාගේ වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියේය.
ඔහුගේ එක් වකුගඩුවක් අකර්මණ්‍ය වී ඇති අතර දැනට සිදුකරන ප්‍රතිකාරවලදී විවිධ අපහසුතා සහ රෝගාබාධවලට මුහුණදීමට සිදුවන බව වෛද්‍යවරුන් පවසා ඇත.
එම දරුවාගේ අනෙක් වකුගඩුව හොඳින් ක්‍රියාත්මක වන බැවින්, හානියට පත් වකුගඩුව ඉවත් කිරීම වඩා හොඳ බව වෛද්‍යවරුන් විසින් දරුවාගේ දෙමාපියන්ට ද උපදෙස් ලබා දී ඇත.
ලෝකයේ බොහෝ දෙනා එක වකුගඩුවක් සමඟ ජීවත් වන බැවින් බියවිය යුතු නැතැයි වෛද්‍යවරුන් දෙමව්පියන්ට උපදෙස්ද දී ඇත. තම දරුවාගේ දුක්ඛිත තත්ත්වය බලා සිටීමට නොහැකි වූ නිසා ඔවුන් වෛද්‍ය උපදෙස් පිළිගෙන දරුවාගේ දෝෂ සහිත වකුගඩුව ඉවත් කිරීමට එකඟ වූහ.
ඒ අනුව පසුගිය වසරේ (2022.12.24) දෙසැම්බර් මාසයේ මෙම දරුවාගේ අක්‍රිය වූ වකුගඩුව ඉවත් කිරීමේ ශල්‍යකර්මය කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ වෛද්‍ය නවීන් විජේකෝන් මහතා විසින් සිදු කරන ලදී.
එම ශල්‍යකර්මයට පසු බලාපොරොත්තු නොවූ ආකාරයට ඔවුන්ගේ ජීවිතය වෙනස් විය . එම ශල්‍යකර්මය කිරීමෙන් පසු දින තුනක් පමණ දරැවාට මුත්‍රා පිට නොවූ අතර, මුළු ශරීරයම ඉදිමී ගොස් ඇත.
වෛද්‍යවරු නැවත වරක් දරුවා ස්කෑන් කර පරීක්‍ෂා කර පසු පවසා ඇත්තේ..!
“දරුවාගේ වකුගඩු දෙකම අත්වැරදීමකින් වෛද්‍යවරුන් විසින් ඉවත් කර ඇති බවයි”.
එය අනපේක්ෂිත ලෙස සිදු වූ විශාල අත්වැරැද්දක් බව වෛද්‍යවරුන් ද පිලිගෙන ඇත.
මෙම අනපේක්ෂිත සිදුවීමෙන් දෙමව්පියන් දැඩි කම්පනයට පත්විය
දරුවාගේ පියා විසින්, වෛද්‍යවරුන්ගේ එම ප්‍රකාශය ජංගම දුරකථනයෙන් වීඩියෝ ගත කිරීමට උත්සාහ කළ විට වෛද්‍යවරු ඉතා විනීතව හා නිහතමානීව ඉල්ලා සිටියේ එය නොකරන ලෙසයි
තවද.. මෙම දරුවාට සුදුසු වෙනත් වකුගඩුවක් සොයා ගැනීමටත් තවත් ශල්‍යකර්මයක් කර දරුවා සාමාන්‍ය තත්ත්වයට ගෙන ඒමට හැකි වන බවත් ඒ සඳහා කළ හැකි සෑම උපකාරයක්ම කරන බවත් වෛද්‍යවරු සහතික වී ඇත.
වෛද්‍යවරුන් සමඟ අමනාප වුවහොත් තම පුතාගේ තත්ත්වය තවත් බරපතළ වේ යැයි බියෙන් හා කනස්සල්ලෙන් අසරණවී සිටින මවුපියන් වෛද්‍යවරුන්ගේ පොරොන්දුව විශ්වාස කර අදටත් කටයුතු කරමින් සිටී.
සාමාන්‍ය ව්‍යාපාරිකයෙකු වන මෙම පියාට ආර්ථික දුෂ්කරතාවයන් බොහෝය.
දරුවාගේ මවගේ කාලය ගත වන්නේ රෝහලේය. මෙම දරුවා හැර පාසල් යන වැඩිමහල් පිරිමි දරුවන් තුන් දෙනෙක් ද සිටින අතර, මෙම දරුවන් රැකබලා ගැනීමට ද පියා දැඩි අපහසුතාවයට පත්වී ඇත.
මොවුන්ට උදව් උපකාර කරමින් සිටී දරුවන්ගේ ආච්චි අම්මාද.. හදිසියේම මිය ගියේය. වෛද්‍යවරුන්ගේ නොසැලකිලිමත් කම නිසා අසාධාරණයට පත්වූ මෙම දරුවාට සහනයක් ලැබෙන තුරු හැකි සියලු දෙනාම පුළුවන් ආකාරයට උදව් උපකාර කරන ලෙස ඉල්ලා සිටිමි.
තවද මෙම සිදුවීම් පිළිබඳව නීත්‍යානුකූලව, මූල්‍යමය වශයෙන් සහ තවත් බොහෝ දේ කළ හැකි ඕනෑම ආකාරයකින් උදව් බලාපොරොත්තු වෙමි.
පියාගේ දුරකථනය : 0776906516
*මොහොමඩ් නිසාර් මොහොමඩ් ෆස්ලිම්
ගිණුම් අංක 308200123292662
මහජන බැංකුව
කොටහේන
කරුණාකර යම් ආකාරයකින් උදව් කළ හැකි අය පමණක් අමතන්න.
මෙම ලිපිය දරුවාගේ පියා වන මුහම්මද් ෆස්ලිම් විසින් සම්පුර්ණ අවසරය ඇතිව ලබා දුන් තොරතුරු මත ලියා ඇත
✍️ එම්.එච්.එම්. නව්සර්.
(මෙහි යම් වරදක් තිබේ නම් ඒවා නිවරදී කිරීම රිජ්වේ රෝහල් පාලනාධිකාරයේ වගකීම වේ. ඒ සදහා අවශ්‍ය ඉඩ මෙහි වෙන්කර තිබේ)
