අතුරුදන්ව සිටි දැරියගේ මළසිරුර හමුවෙයි

අද (18) උදෑසන කැලෑබද ප්‍රදේශයක තිබී අතුරුදන්ව සිටි 12 හැවිරිදි දැරියකගේ මළ සිරුරක් හමුව ඇත.

මෙම මළසිරුර පුදුකුඩිඉරුප්පු -මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේ කැලයක තිබි හමුව ඇත.

පසුගිය 15 වනදා සවස සිට අදාළ දැරිය අතුරුදන්ව සිටි බවයි  පුදුකුඩිඉරුප්පු පොලිසිය ප්‍රකාශ කළේ.

මෙම දැරිය පුදුකුඩිඉරුප්පු -මුන්ගිල්ලාරු උතුර, උඩයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචිව සිට ඇති අතර නිවසේ සිටිය දී ඇය පසුගිය 15 වනදා අතරුදන්ව ඇති බවට පොලිසිය ලද පැමිණිල්ලකට අනුව කරන ලද සෝදිසි මෙහෙයුමකින් ඇයගේ මළසිරුර මෙලෙස සොයාගෙන ඇත.

මේ වන විට ඇයගේ මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මාන්චෝලේ රෝහලේ තැන්පත් කර ඇති අතර මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණය වෙත සිද්ධිය සම්බන්ධයෙන් කරුණු වාර්තා කර ඇත.

Exit mobile version