පසුගිය දා එප්පාවල, කිරලෝගම, ගැටදිවුල ප්‍රදේශයෙන් වයස අවූරුදු 09 ක් වන පිරිමි දරුවෙක් අතුරුදන් වූ පුවතක් වාර්තා විය.
ඒ අනුව පොලිසිය විසින් කරන ලද විමර්ශනවල දී දරුවා රිකිල්ලගස්කඩ, ජෝන්ස්ලන් වතුයායේ නිවසක සිට සොයාගෙන තිබේ.
මෙසේ දරුවා සොයාගෙන ඇත්තේ ඔහු ළඟින් ඇසුරු කළ විදුලි කාර්මික ශිල්පියාගේ ඥාති නිවසක සිටියදී බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියේ.
