අතුරුදහන් වූ තරුණියගේ සිරුර බේරුවල මුහුදු වෙරළින්

බේරුවල ප්‍රදේශයේ පදිංචිව සිටි 25 හැවිරිදි තරුණියක් පසුගිය 02 වනදා සිට අතුරුදහන් වී ඇති බවට ඇයගේ දෙමව්පියන් විසින් බේරුවල පොලිසියට පැමිණිලි කර තිබෙන අතර CCTV පරීක්ෂා කිරීමේදි ඇය ප්‍රධාන මාර්ගයක් ඔස්සේ ගමන් කරන බව නිරීක්ෂණය වී තිබුණද ඉන් අනතුරුව ඇය පිළිබද කිසිදු තොරතුරක් වාර්තා වී නොමැත.

ඒ අනුව ඇයගේ සිරුර අද (04) උදෑසන බේරුවල මරදාන ලෙල්ලම ධිවර වරායට ආසන්න මුහුදේ තිබී වෙරළ ප්‍රදේශයට ගොඩ ගසා තිබියදී හමුවී ඇති බවට වාර්තා වේ.

ඇයගේ මරණයට හේතුව මෙතෙක් වාර්තා වී නොමැති අතර ඇය යම් කිසි මානසික ආබාධයකින් සිට ඇති බවට දෙමව්පියන් විසින් පොලිසියට පවසා ඇති බවද වාර්තා වෙයි.

Exit mobile version