අදට සපිරෙන ස්වෛරීත්ව බැඳුම්කරයට මහබැංකුව ඩොලර් සපයයි

අද (18) දිනට සපිරෙන ස්වෛරීත්ව බැඳුම්කර සඳහා ඩොලර් මිලියන 500ක මුදලක් ගෙවීමට මහ බැංකුව පියවර ගෙන ඇත.

ඊට අදාළ සියලු ලිපි ලේඛන මේ වන විට සකස් කර ඇති බවයි මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා සඳහන් කළේ.

 අග්‍රාමාත්‍ය වරයා සහ ජනාධිපතිවරයා සමග මෙන්ම මුද්ල ඇමති සමග ද සාකච්ඡා කර මෙම කටයුතු සූදානම් කළ බව ද මහ බැංකු අධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර ඇත.

Exit mobile version