අදත් වැඩ වර්ජන.

අසාධාරණ බදු ප්‍රතිපත්තියට සහ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති කිහිපයක් අද (08) වැඩ වර්ජනයක නිරත වීමට කටයුතු කර ඇති අතර අද (08) පෙරවරු 8 සිට මෙම වැඩ වර්ජනය සිදු කෙරෙන බව වාර්තා කරයි .

සෞඛ්‍ය වෘත්තීය සමිති ප්‍රකාශ කරනු ලැබුවේ මෙම වැඩ වර්ජනය හේතුවෙන් අද රෝහල් වල බාහිර ප්‍රතිකාර අංශය , රසායනාගාර ඇතුළු සේවාවන්වලට බාධා එල්ල විය හැකි බවයි.

වැඩි දුරටත් ඔවුන් සදහන් කරනු ලැබුවේ මෙම ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්වරයා සහ අදාළ වෘත්තීය සමිති සමග සාකච්ඡා පැවැත්වූවද සාධාරණ පිළිතුරක් නොලැබුණු බවයි.

Exit mobile version