අදත් විදුලිය විසන්ධි වෙයි ද?

විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ අද (05) දිනයේ විදුලි කප්පාදු කිරීමක් සිදු කිරීම සම්බන්ධයෙන් මේ වන තෙක් තීරණයක් ගෙන නොමැති බවයි.

ඔහු සඳහන් කරන්නේ අද දිනයේ විදුලි ඉල්ලුම ඉහළ ගියහොත් එලෙස විදුලි කප්පාදුවක් සිදු කර පද්ධතිය පාලනය කිරීමට සිදුවන බවයි.

විදුලිය කප්පාදුවක් සිදු කරන්නේ නම් එය සවස 06.00 ත් රාත්‍රී 09.00 ත් අතර කාලය තුළ දී සිදු වන බවයි.

Exit mobile version