අද කොවිඩ් ආසාදිතයින් 723ක්

අද (12) දිනයේ දී නව කොවිඩ් ආසාදිතයින් 723 දෙනෙකු හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව මේ වන විට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 548,975ක් ලෙස ඉහළ ගොස් ඇත.

එමෙන් ම මේ වන විට රෝහල්ගතව සහ නිවෙස්තුළ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 11,712 ලෙස දැක්වේ.

Exit mobile version