අද විදුලි කප්පාදු සිදුවන කාලය

අද (23) දිනයේත් දිවයින පුරා පැය හතරහමාරකට අධික කාලයක් විදුලි කප්පාදුවක් සිදුකරන බව මහජන උපයෝගීතා කොමිසම ප්‍රකාශ කර ඇත.

බලාගාර සඳහා අවශ්‍ය ඉන්ධන නොමැති වීම හේතුවෙන් මෙසේ විදුලි කප්පාදු කිරීමට සිදුව ඇති බව එම කොමිසම පෙන්වා දී ඇත.

පෙරවරු 8.30 සිට රාත්‍රී 10.30 දක්වා කාලය තුළ විදුලි කප්පාදු සිදු කරන බව ද එම කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කර ඇත.

ඒ අනුව ප්‍රදේශ කිහිපයකට පැය 4 මිනිත්තු 30ක කාලයකුත්, අනෙක් ප්‍රදේශයන්ට පැය 04යි මිනිත්තු 40ක කාලයකුත් විදුලිය කප්පාදු කිරීමට නියමිතව ඇත.

Exit mobile version