අද සවස රනිල් අගමැති තනතුරේ දිවුරුම් දෙයි

එක්සත් ජාතික පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ නව අග්‍රාමාත්‍යවරයා වශයෙන් අද (12) සවස දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරනවා.

රනිල් වික්‍රමසිංහට සමීප ආරංචි මාර්ග සඳහන් කරන්නේ, අද පස්වරුවේ ඔහු නව අග්‍රාමාත්‍යවරයා ලෙස දිව්රුම් දෙනු ඇති බවයි.

ඒ අනුව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය ධුරයේ දිවුරුම් දෙනු ලබන්නේ 6 වෙනි වරටයි.

Exit mobile version