අද සිට ඉහළ යන දුරකථන සේවා

දුරකථන සේවා ගාස්තු සහ මුදල් ගෙවා නරඹන රූපවාහිනී ගාස්තු අද (05) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට දුරකථන සමාගම් තීරණය කර ඇත.

 මෙම තීරණය ගෙන ඇත්තේ විදුලි සංදේශන නියාමන කොමිසන් සභාවේ අනුමැතිය යටතේ ය.

ඒ අනුව සියලුම ජංගම ,ස්ථාවර දුරකථන හා බ්‍රෝඩ්බෑන්ඩ්  ගාස්තු සහ සෙසු පෙරගෙවුම් හා පසුගෙවුම් ගාස්තු 20% කින් ඉහළ දැමීමට නියමිතව ඇති අතර මුදල් ගෙවා නරඹන රූපවාහිනී සේවා ගාස්තු ද 25% කින් ඉහළ දැමෙන බව ද එම සමාගම් සඳහන් කරයි.

සංශෝධිත අයවැය මගින් 12%ක්ව පැවති වැට් බද්ද 15% දක්වා ඉහළ දැමීම හේතුකොටගෙන මෙම මිල ඉහළ දැමීම සිදුකර ඇත.

Exit mobile version