අධිනීතිඥවරයාගේ ඇමතුමට හලෝ නොකියූ PC ගේ වැඩ තහනම්

රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥවරයෙකුගේ දුරකථන ඇමතුමට ප්‍රතිචාර නොදැක්වූ  පොලිස් කොස්තාපල්වරයෙකු ගේ වැඩ තහනම් කිරීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.

දින කිහිපයකට ඉහත දී ජේෂ්ඨ අධි නීතීඥවරයා නීතිපති දෙපාර්තමේන්තුවේ පොලිස් මුරපොල ට උදෑසන හයට පමණ දුරකථන ඇමතුමක් ලබාදී ඇත්තේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු සම්බන්ධ කර දෙන ලෙස සිදුකළ ඉල්ලීමකට ය. එහෙත් මෙම පොලිස් කොස්තාපල්වරයා එයට ප්‍රතිචාර නොදක්වා මුරපොළ හි නිදාගෙන සිට ඇති බව කරුණු අනාවරණය වී තිබේ. එම හේතුව නිසා විමර්ශන සිදුකර වැඩ තහනම් කිරීමට පියවර ගත් බව පොලිස් මූලස්ථානය පවසයි.

Exit mobile version