අධිවේගී මාර්ගයේ නීති කඩකල බස් රථ 4කට අධිකරණ ක්‍රියාමාර්ග

අද(03) උදෑසන සිදුකල හදිසි වැටලීමකදී කොට්ටාව පිවිසුම ආසන්නයේ දී බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ පොලීසිය සිදු කල වැටලිමකදී නීතිවිරෝධි ලෙස මාර්ගයේ සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ බස් රථ 4ක බලපත්‍ර අධිවේගී මාර්ග සංචාරක පොලිස් භාරයට ගත් බව වාර්තා වේ.

අධිවේගී මාර්ගවල බස් රථ ධාවනයේ දී මගීන් අසුන්ගෙන ගමන් කළ යුතු අතර අදාල බස්වල මගීන් හිටගෙන ගමන්කර ඇති බවද අනාවරණය වූ බව පොලිසිය පවසයි.

බලපත්‍රලාභී මගී  ප්‍රවාහන බස් රථ හිමියන්ගෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට ලද තොරතුරුවලට අනුව කාර්‍යාල සේවා යනුවෙන් දක්වා  සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කළ මෙම බස් රථ සොයා ගැනීමට සමත්ව ඇති අතර ඒවාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවට වාර්තා වේ.

Exit mobile version