ඊයේ (23) රාත්‍රී කාලයේ කැකිරාව ගලෙන්බිදුණු වැව මාර්ගයේ යක්කල ප්‍රදේශයේදී යතුරුපැදියක් පස්කන්දක වැදී අනතුරක් සිදුව ඇති බව වාර්තා වේ.
අනතුර සිදුවන අවස්තාවේ යතුරු පැදියේ දෙදෙනකු ගමන් කොට ඇති අතර පසුපස ගමන්ගත් පුද්ගලයා තුවාල ලබා යක්කල රෝහලවෙත ගොස් ප්‍රථිකාර ලබාගැනීමෙන් අනතුරුව නිවසට පැමිණ ඇති බවයි වාර්තාවන්නේ.
අනතුර සිදුවන අවස්තාවේ යතුරුපැදිය ධාවනය කල පුද්ගලයා බාහිර තුවාල නොතිබි ඇති අතර ඔහු සිය මිතුරකුගේ නිවසේ එදින රාත්‍රී කාලය ගතකර ඇති අතර අද (24) උදෑසන නිවැසියන් විසින් එම පුද්ගලයා අවදිකරනවිටත් මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
අනතුරුව නිවැසියන් විසින් මෙම සිදුවීම ගලෙන්බිදුනුවැව පොලීසියට දනුන්දීමෙන් අනතුරුව පොලීසිය විසින් පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි වාර්තාවන්නේ.
වාර්තාවන ආකාරයට මියගොස් ඇත්තේ වයස අවුරුදු 33 වන පුබුදු ගම්මානයේ මෙගොඩ වැව පදිචි තිදරු පියෙකි.
ගලෙන්බිදුනුවැව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කොට ඇති බවයි වාර්තාවන්නේ.














































