නිවසක අනාරක්ෂිත ලෙස ඉදිකර තිබූ කොන්ක්‍රීට් කණුවක් කඩා වැටීමෙන් කුඩා දැරියක් අනපේක්ෂිත ලෙස ජීවිතයෙන් සමුගත් පුවතක් වාර්තා වේ.
මෙලෙස මියගොස් ඇත්තේ තංගල්ල ,නෙටොල්පිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි නෙවින්දි යහාර දෙව්මි නැමැති 9 හැවිරිදි දැරියකි.
මෙම දැරිය අද පෙරවරුවේ සිය පියා සමග නිවසේ අනාරක්ෂිතව ඉදිකරමින් තිබූ කොන්ක්‍රීට් කණුවක ඔන්චිල්ලාවක් සෑදීමට උත්සාහ කළ අවස්ථාවේ අනපේක්ෂිත ලෙස එම කොන්ක්‍රීට් කණුව දැරියගේ සිරුර මතට කඩාවැටී ඇති බව සදහන්.
මෙම අනතුරින් බරපතළ තුවාල ලැබූ දැරියගේ පියාද තංගල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මාතර මහ රෝහල වෙත යවා ඇති බව සදහන්.
තංගල්ල පොලිසිය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.
