අන්තර් පළාත් දුම්රිය ධාවනය ආරම්භ කිරීමට තීරණයක්

අද (22)ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කොවිඩ් මර්දන කමිටු රැස්වීමේ දී  සෞඛ්‍ය, ආරක්ෂක මෙන් ම කොවිඩ් මර්දන ඉදිරිපෙළ  වෘත්තිකයන් සඳහා කොවිඩ් මර්දන වර්ධක මාත්‍රාවක් ලෙස තෙවන මාත්‍රාවක් ලබා දීමට තීරණය කර ඇත.

එමෙන් ම එළඹෙන 25 වනදා සිට බස්නාහිර පළාත තුළ දුම්රිය ගමනාගමනය ආරම්භ කිරීමට නියමිත අතර එය වාර ප්‍රවේශපත්‍ර හිමියන්ට පමණක් සීමාවෙනු ලබයි.

අන්තර් පළාත් දුම්රිය ධාවනය ද නොවැම්බර් මස 01 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇත.

Exit mobile version