අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂය්යබල මණ්ඩලය සිදුකරන විරෝධතාවලට මරදාන පොලිසිය සිදුකල කරුණු දැක්වීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර ඇති බවට වාර්තා වේ.
එහි සදහන් වන්නේ මහ ජනතාව භාවිත කරන රෝහල් ඒ අවට ප්‍රදේශ ,පුංචි බොරල්ලේ සිට කුලරත්න මාවත ,ඩීන්ස් පාර,ටෙක්නිකල් මංසන්ධියේ සිට සංඝරාජ මාවත දක්වා පෙළපාලියක් ලෙස ගමන් කිරීම තහනම් කිරීම සහ ටී.බී.ජයා මාවත,ආර්නෝල්ඩ් රත්නායක මාවත,ඕල්කට් මාවත ශේෂ්ඨාධිකරණය ඇතුලු අධිකරණ සංකිර්ණය පිහිටි මාර්ග වෙත ප්‍රවේශ විම තහනම් කරමින් අධිකරණය විසින් නියෝග නිකුත් කර තිබෙන බවට වාර්තා වේ.
