ඊයේ (08) බොරලැස්ගමුව වේරහැර බෝධිරාජපුර ප්‍රදේශයේ ත්‍රීරෝද රථ රියදුරෙකු විසින් තවත් පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර ඇති බව වාර්තා වේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිව සිටි ප්‍රියරන්ජන ප්‍රනාන්දු නමැති 43 හැවිරිදි තිදරු පියෙකි.
ඝාතනයට ලක්වූ පුද්ගලයා ඊයේ (08) රාත්‍රියේ ඔහු පදිංචි නිවසට මදක් ඈතින් වූ බෝධිරාජපුර මාර්ගයේ රැඳී සිට දුරකථන ඇමතුමක් ලබා ගනිමින් සිටියදී සැකකාර ත්‍රීරෝද රථ රියදුරු එම ස්ථානයට පැමිණ ඇතිවූ බහින්බස්වීමකින් අනතුරුව පිහියකින් ඇන තිබූ අතර තුවාල ලද පුද්ගලයාව ඥාතීන් විසින් කලුබෝවිල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පැය 02කට පමණ පසු ඔහු ජීවිතක්ෂයට පත්ව තිබේ .
ඝාතනයට ලක්වූ පුද්ගලයා සැකකාර පුද්ගලයාගේ බිරිඳ සමග පැවැත්වූ අනියම් සබඳතාවයක් මුල්කරගෙන මෙම ඝාතනය සිදු කර ඇති බවට පොලිසිය සැක පළ කරන අතර සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා බොරලැස්ගමුව පොලීසිය පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ .
