අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය වසා දැමේ

අනුරාධපුර – ඕමන්තේ දුම්රිය මාර්ගය මාර්තු මස 05 වනදා සිට මාස 05ක කාලයක් සඳහා වසා තැබීමට තීරණය කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මෙම පියවර ගෙන ඇත්තේ එම දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ කටයුතු කළ යුතු බවට හඳුනා ගැනීමත් සමග බවයි දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා ප්‍රකාශ කළේ.

මෙම ප්‍රතිසංස්කරණ කටයුතු ගමන් කාලය විනාඩි 40කින් පමණ අඩු කරගැනීම සඳහා සිදුකරන බව ද ඔහු සඳහන් කර ඇත.

ඒ අනුව කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණක් මාර්තු මස 05 වන දිනෙන් පසු දුම්රිය ගමන් කිරීමට නියමිත අතර යාපනය සිට කිළිනොච්චිය දක්වා පමණක් දුම්රිය ධාවනය වනු ඇත.

දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා පෙන්වා දුන්නේ අදාළ ගමනාන්තය අසළින් අනුරාධපුරයේ සිට යාපනය තෙක් බස් සේවයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි.

Exit mobile version