බහින්බස්වීමක් දුරදිග ගොස් අනුරාධපුර ශික්ෂණ රෝහලේ සාත්තු සේවිකාවක සහ සේවකයෙකු අතර ගැටුමක් සිදු වී ඇති බව වාර්තා වේ.
මොවුන් සේවකයන් සදහා වෙන් කර ඇති කාමරයේදී උදෑසන ආහාර ගනිමින් සිටියදී රාජකාරි ප්‍රශ්නයක් මුල් කරගනිමින් බහින්බස්වීමක් ඇති කරගෙන ඇති අතර එහිදී ගුටි බැට හුවමාරුවක් සිදු වූ බව සදහන්.
ඔවුන් මේ වන විට එම රෝහලේම ප්‍රතිකාර ලබන බව සදහන්.
මේ අතර ඊයේ එම රෝහලේම වෛද්‍යවරුන් දෙදෙනෙකු අතර ගැටුමක් හටගත් අතර එහිදී පහරදීමක් සිදුකළ වෛද්‍යවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.
