අනුර කුමාරට අධිකරණයෙන් තහංචියක්

ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා විසින් අද (26) පැවැත්වීමට යෝජිතව තිබෙන උද්ඝෝෂණය සහ පෙළපාලිය පැවැත්වීමට කොන්දේශි සහිත වාරණ නියෝගයක් ලබාදී තිබේ.

අද පස්වරු 1 සිට රාත්‍රී 8 දක්වා කාලය තුළ දී කොටුව පොලිස් වසමට අදාළ මාර්ගවල අවහිරතාවක් සහ මාර්ගවල ගමන් ගන්නා වාහනවලට බාධා කිරීම් නොකරන ලෙසට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් මෙම නියෝගය ලබා දී තිබේ.

ඒ අනුව නම් කළ 26 දෙනෙකුට හා උද්ඝෝෂකයින්ට ජනාධිපති ලේකම් කාර්යාලය, ජනාධිපති මන්දිරය, මුදල් අමාත්‍යාංශය සහ ගාලුමුවදොර පිටිය පරිශ්‍රය ඇතුළු නම් කරන ලද ස්ථාන කිහිපයකට ඇතුළුවීමෙන් වළකින ලෙස ද අධිකරණය දැනුම් දී තිබේ.

Exit mobile version