අනුර කුමාරත් ප්‍රතික්ෂේප වූ මන්ත්‍රීවරයෙක් – අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.

අද දින වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී ජනපති ධූරයට රනිල් වික්‍රමසිංහ පත්වීමෙන් පසු ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කතාවක් පවත්වමින් කියා සිටියේ රනිල් ජනපතිවූයේ ජනතා කැමැත්තේ විකෘතිවූ පිළිබිඹුවකින් බවයි.

තමා අද දින ඡන්ද විමසීමෙන් ජයගත් කෙනාට සුබ පතන බව කියමින් කතාව ආරම්භ කළ අනුර කුමාර මහතා පාර්ලිමේන්තුවේ පවතින සංයුතිය අනුව මෙම ප්‍රතිඵලය ගැන තමාට ගැටලුවක් නැතැයි කීය. නමුත් මහපොළොවේ යථාර්ථය එය නොවන බවද කීය.

පොහොට්ටුවේ සභාපතිවරයාගේ හා පොහොට්ටුවේ ලේකම් වරයාගේ පිල් දෙක අතර පැවති මෙම ඡන්ද විමසීමෙන් කවුරු ජයගත්තත් පැවති විවේචනයට ලක්වූ ආණ්ඩුවේ පිළිබිඹුවක් නියෝජනය කළ බව කීය.

එලියට ගොස් මිනිසුන්ගේ මතය විමසන්නේ නම් මෙවන් ප්‍රතිඵලයක් නොලැබෙන බැවින් තනතුරු ලද අය ඒ ගැන සිතට ගෙන ජනතාවට අවශ්‍ය දේ ලබාදෙන්නට උත්සුක වන ලෙස ඉල්ලා සිටියේය.

ඊයේ වාර්තාවූ ආකාරයට ඩලස්ට සහය දෙන බවට විවිධ කන්ඩායම් ප්‍රසිද්ධ කළ තරමට අද ඡන්ද ප්‍රකාශවී ඇතැයි පෙනෙන්ට නැති බවත් එම කණ්ඩායම් වල සාමාජිකයින් ගණනය කළේ නම් 113 ක් පසුකර යන තරමට ඩලස්ට මනාප තිබුණ බව කියා සිටි අනුර කුමාර මහතා මේ අනුව එකී කණ්ඩායම් වල සාමාජිකයින්  විකිණී ඇති බව පෙනී යන්නේ යයිද කීය.

පාර්ලිමේන්තුවේ තිබෙන්නේ ජනතා කැමැත්තේ විකෘති පිලිබිඹුවක් බැවින් වැඩි කලක් මේ පාලනය සිදුකරන්නට අයිතියක් නැති බවත් ඉක්මනින් ජනවරමක් මත ආණ්ඩුවක් පත්කරන ලෙසත් ඉල්ලා සිටියේය.

කෙසේ වෙතත් ඔහුගේ කතාවට අනුව නම් මන්ත්‍රීවරුන් මුදල් ලබා දී ලබාගෙන ඇත්තේය. නමුත් තිබුනේ රහස් චන්දයකි. රහස් චන්දයකදී මුදල් මත චන්දය ලබා දුන්නද, නැද්ද යන්න සොයාගත නොහැකිය. නමුත් ජනතාව එය පිළිගනී. එහෙත් එයට හේතුවක් නැත. නමුත් ප්‍රසිද්ධ චන්දයකදී නම් මෙසේ සිතීමට හැකිය. නමුත් එසේ නොමැතිව පැවති චන්දයකදී එසේ වූ බව කරන ප්‍රකාශවලින් සත්‍යයක් ලෙස සිතීමද මෝඩ කමකි.

නමුත් ජනවරමක් ලබා ගැනීම සදහා නැවත චන්දයකට යා යුතු බව ප්‍රකාශ කිරීම සුදුසුය. ජනතාව තුල තිබෙන අර්බුධකාරී තත්වය නිම කල හැක්කේ නැවත චන්දයකට යාමෙන් පමණි. අනුරකුමාර දිසානායක මහතා පවසන ආකාරයට පාර්ලිමේතුවේ සිටින ඔහුද ප්‍රතික්ෂේප වී සිටි. සත්‍යයද එයමය. ජනතාව සමස්ත 225 ම ප්‍රතික්ෂේප කරති. අනුර කුමාර දිසානායක මහතාද එම 225 ටම අයිතිය.

Exit mobile version