අන නොතකා ධාවනය කල රියදුරාට වැඩ වැරදී.

බීමතින් අන නොතකා ධාවනය කල මොටර් රථයක් පොලීසිය විසින් ලුහුබැද ගොස් අත්අඩංගුවට ගෙන තිබෙ.

රන්න සිට හුංගම දෙසට අද (15) උදෑසන ධාවනය කරමින් තිබු මෝටර් රථයක්  පරික්ෂාව සදහා නතර කරණ ලෙස පොලිස් නිලධාරීන් සංඥා කර තිබේ.

ඒ අවස්ථාවේ රථය නොනවත්වා රථයේ සිටි පුද්ගලයන් පොලිස් නිලධාරීන්ට බැනවදිමින් රථය ඉදිරියට ධාවනය කොට පලාගොස්  තිබේ.

පොලිස් නිලධාරීන් විසින් මෝටර් රථය පසුපස ලුහු බැදගොස්  මොටර් රථය නවතා ඇති බවයි පොලීසිය සදහන් කරන්නේ.

එම අවස්ථාවේ රථය පරීක්ෂා කරණවිට පොලිස් නිලධාරීන්ට නිරීක්ෂණය වී ඇත්තේ රියදුරා මත්පැන් පානය කොට සිටි ඇති බවයි.

සැකකරු පොලීසිය වෙත ගෙනයමින් සිටියදී පොලිස් නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැන වදිමින් හා පහර දෙමින්ගිය අතර පහර කෑ පොලිස් නිලධාරියා තුවාල ලබා රන්න රෝහලට ප්‍රතිකාර සදහා ඇතුලත් කල බව වාර්තාවේ.

Exit mobile version