අප්‍රේල් 03 රට පුරා උද්ඝෝෂණ.

“අපේ රට අපට දෙන්න” නමින් ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන එකවර උද්ඝෝෂණ කිරීම සදහා කටයුතු කෙරෙමින් තිබේ.

මෙහි විශේෂත්වය නම් මේ සදහා නායකත්වය ගෙන ඇත්තේ ජනතාවම වීමයි. අන්තර්ජාලය හරහා මේ වන විටත් සංවිධානය වී ඇති පුරවැසියන් ඇතැම් ප්‍රදේශවල අප්‍රේල් 03 වන දින පස්වරු 03.00ට මෙන්ම තවත් ප්‍රදේශයන්හි පෙරවරු 10.00ට මෙම උද්ඝෝෂණ ව්‍යාපාරය පැවැත්වීමට කටයුතු කර තිබේ.

ජනතාව දේශපාලනය අත්හැර දේශපාලන බේදයකින් තොරව පැවැත්වෙන බව පැහැදිලිවම දක්නට තිබෙන අතර දේශපාලන අධිකාරියට මෙන්ම ප්‍රධාන රාජ්‍ය නිලධාරීන්ටද ඉදිරි කාලය තුල තර්ජන ඇතිවීමටද ඉඩකඩ සැකසී තිබේ.

ප්‍රාදේශීය ලේකම්වරුන්ගේ සිට ඉහලට අධ්‍යක්ෂකවරුන්, සභාපතිවරුන් දක්වාම එම තර්ජන පැතිරීයාමට ඉඩකඩ තිබේ.

පවතින තත්වය තුල ආරක්ෂක අංශ වලට මෙන්ම පොලිසිය කෙරෙහි ජනතා අප්‍රරසාධය එල්ල වී නැති නමුත් උද්ඝෝෂණ පාලනය කිරීමේදී ඇතිවන ගැටුම් හේතුවෙන් ඔවුන්ටද එරෙහිව ජනතාව නැගී සිටිනු ඇත. මේ තත්වය මත ජනතාව තව දුරටත් පීඩාවට පත්වේ.

ජනතාව ප්‍රචන්ඩත්වයට පත්වුවහොත් එයින් ජනතාව තව දුරටත් පීඩාවට පත්වනු ඇත. එබැවින් පුරවැසියන් ලෙස අප සියලු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ ජනතාව ආරක්ෂා කරමින් ජනතාව නගා සිටුවීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසයි. නැතහොත් මෙරට සෝමාලියාවක්, ෂුඩානයක් වැනි තත්වයට පත්වනු ඇත.

ශ්‍රී නිශ්ශංක මායාදුන්න.

Exit mobile version