අභියාචනාධිකරණයේ සහ ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරුන් කිහිපදෙනකුට භෝජන සංග්‍රහයක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් පියවර සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද(06) කනස්සල්ල පළ කළේය.
පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා අනාවරණ කළේ, ජනාධිපතිවරයා පසුගියදා නුවරඑළියේදී විනිසුරුවරුන් වෙනුවෙන් භෝජන සංග්‍රහයක් පැවැත්වූ බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි.
“සංවේදී අධිකරණ කටයුතු කිහිපයක් තීන්දු වීමට නියමිත මොහොතක මෙවැනි භෝජන සංග්‍රහයක් පැවැත්වීමෙන් ජනාධිපතිවරයා වැළකී සිටිය යුතුව තිබූ බව මගේ අදහසයි” විපක්ෂ නායකවරයා පැවසීය.
කෙසේ වෙතත් , රටේ පැවත්ම යහපත් කරගැනීම උදෙශා බොහෝ දේවල් සිදුකිරීමට ජනපතිට සිදු වේ. නමුත් ඒවා සිදුකල යුත්තේ ඉතාම කල්පනාකාරීවය. එසේ නොවන විට දිනෙන් දින පිරිහෙන්නේ රටේ පැවත්මය.
