අභිරහස් ලෙස මියගිය හිමිනමකගේ දේහයක් සීදුව ප්‍රදේශයේ විහාරයක තිබී පොලිසිය විසින් සොයාගෙන ඇත.
වෑත්තෑව රද්දොළුව ශ්‍රී නන්දාරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේ වන නැදගමුවේ මහානාම හිමියන් මෙලෙස අපවත් වී ඇති බවට අනාවරණය වී ඇත.
උන්වහන්සේ අපවත් වන විට වයස අවුරුදු 55 වියෙහි පසුව ඇත.
පොලිසිය සැකපළ කර ඇත්තේ මෙය ගෙළ සිරකර සිදුකරන ලද ඝාතනයක් බවටයි.
එමෙන්ම මෙම විහාරයේ වැඩ සිටි තවත් හිමි නමක් මේ වන විට අතුරුදන්ව ඇති බව ද පොලිසිය ප්‍රකාශ කරයි.
විහාරස්ථානය දෙසින් දුර්ගන්ධයක් හමන බවට කරන ලද දැනුම් දීමකට අනුව පොලිසිය සෝදිසි කිරීම් සිදු කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් සීදුව පොලිසිය වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර විහාරාධිපති හිමියන්ගේ අපවත්වීම සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ ද සිදු කිරීමට නියමිතව ඇත.
