යුරෝපානු පුනරුදයේ පළමු ප්‍රධාන හේතුව වූයේ පුනරුදයට පෙර සහ ආරම්භයේදී විවිධ සංස්කෘතීන් සහ සමාජයන් අතර අන්තර් ක්‍රියාකාරිත්වය වැඩි වීමයි. එම කාලය තුල යුරෝපය පැවතුනේ මධ්‍යතන යුගයේය. මධ්‍යතන යුගයේ ප්‍රධාන ලක්ෂණ කිහිපයක් තිබුණි. වැඩවසම්වාදය සහ ක්‍රිස්තියානි ධර්මයේ ස්වරූපයෙන් භක්තිමත් ආගමික ඇදහිල්ල, මෙම ලක්ෂණ එකතු වී සමාජීය, ආගමික සහ දේශපාලනික වශයෙන් ඉතා දැඩි වූ සමාජයක් නිර්මාණය වී තිබුණි. මෙයින් අදහස් කරන්නේ එකල යුරෝපීය සමාජය වෙනස් වීමට අවශ්‍යයෙන්ම විවෘත නොවූ බවයි. කෙසේ වෙතත්, පුනරුදයේ සාරය වූයේ යුරෝපය ලෝක දර්ශනයේ සහ ඉදිරි දර්ශනයේ වෙනසක් අත්විඳීමයි. 14 වන සියවසේ ආරම්භ වූ පුනරුදයේ ආරම්භයට පෙර සියවස් වලදී යුරෝපයට නිරාවරණය වූ නව අදහස් සහ විශ්වාසයන් නිසා මෙම මාරුව ඇති විය.
14 වන සියවසේ සිට 17 වනම සියවස දක්වා විහිදී ගිය යුරෝපානු පුනරුදය වැදගත් වුයේ එය බුද්ධෝත්පාද යුගයේ ප්‍රධාන සිදුවීම් වලට මග පෑදු නිසාය. ඊට අමතරව එය යුරෝපානු චින්තනයේ සහ ලෝක දර්ශනයේ විශාල වෙනසක් ඇති කළේය. යුරෝපානු පුනරුදය ඉතාලි අර්දධ්වීපයේ ප්‍රාන්තවල ආරම්භ වී බව සලකනු ලැබුවද, එහි ප්‍රධාන අදහස් යුරෝපය පුරා ව්‍යාප්ත වුයේ 16 වන සියවසේදීය. යුරෝපානු පුනරුදයේ ප්‍රතිපලයක් ලෙස යුරෝපානු ගෘහ නිර්මාන ශිල්පය, කලාව, සාහිත්‍ය, ගණිතය, සංගීතය, දර්ශනය, දේශපාලනය, ආගම සහ විද්‍යාව යන පැතිකඩයන් දායාද විය.
ඒ අකාරයෙන්ම නොවුනත් කතෝලික පල්ලියේ දැඩි පිඩනයට එරෙහිව නැගී සිටි එකල යුරෝපනුවන් සේ මෙකල පාලකයන්ට එරෙහිව ශ්‍රී ලාංකිකයන් නැගී සිටියේ පාලකයන්ගෙන් ලැබුණු අපමන පීඩාවන් නිසාය.
පසුගිය මාර්තු 31 “ආදරයේ අරගලය” නිසා පලා ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මිරිහානේ පිහිටි නිවස අසලින් ආරම්භ වන්නේ කිසිදු අනන්‍යතාවයකින් තොරවයි. විදුලිය සහ ගෑස් ඉල්ලා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිවස ඉදිරිපිටට ගිය ජනතාවට විශේෂ කාර්ය බලාකාය පහරදුන්නේ ම්ලේච්ඡ ලෙසයි. එම ම්ලෙච්ඡ ප්‍රහාරකයන් මාධ්‍යවෙදින්ටද කුඩුවෙන්නම පහරදුන්නේය. ඔවුන්ගේ කැමරා දුරකතන ආදියද කුඩුකර තිබුණි. ඒ ශ්‍රී ලංකාවේ විශේෂ කාර්ය බලකායේ නීතිවිරෝදී ක්‍රියාවලියම හේතුවෙනි. මාර්තු 31 ත් අප්‍රේල් 10 ත් අතර කාලය තුල මෙරට තුල නිර්මාණය වූ විවිද දේශප්‍රේමී ජනතාව නිසාය. එහි සැබෑ පිවිතුරු බවක් තිබුණි.
පසුව තරුණ අරගලයක් බවටද, නිර්පාක්ෂික ලෙසින්ද ජනාධිපතවරයා පමණක් නොව ආණ්ඩුපක්ෂයේ මන්ත්‍රීවරුන්ට පවා මරණීය බිය ගෙන්වීමට තරම් ශක්තිමත් වූ අරගලයේ ප්‍රථම ජයග්‍රහණය ලැබෙන්නේ 2021 මැයි මස 09 වැනිදා මහින්ද රාජපක්ෂ මහතාට මරණීය බිය ගෙන දෙමිනි. එදින මෙරට පාලක පන්තියේ නිවාස විශාල ප්‍රමාණයක් ගිනි තබන්නේ මෙරට ජනතාව විසින්ම බව වාර්තා විය. ඒ මහින්ද රාජපක්ශ මහතාගේ ආධාරකරුවන් ගාලු මුවදොර අරගල භූමියට පහර දීමත් සමගය.
එම පහරදීමත් සමග ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා වූ මහින්ද රාජපක්ෂ මහතා පලා ගියේය. ඒ ජනතාව ඔහුව සෙවූ බැවිනි. මරණයෙන් බේරීම සදහා ඔහු අවසානයේ සිදු වුයේ මුහුදු මැද දුපතක තනි වීමටය. එත් සමගම රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා ලෙස පත් වන්නේ විපක්ෂ නායකවරයා සහ අනුර කුමාර දිසානායක මහතාද එය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීමත් සමගය.
ඔහු එසේ පත් වීමත් සමගම අරගලය දියාරු විය. නමුත් ඔහුටද ප්‍රශ්න විසදීමට නොහැකි වූ බැවින් නැවත අරගලය ප්‍රතිසංවිධානය වෙමින් මෙරට දූෂිතම දේශපාලඥයෙකු බවාට් සැලකෙන මුදල් අමාත්‍යවරයා වූ බැසිල් රෝහණ රාජපක්ෂ මහතාද එලවා දැමීමට කටයුතු සිදු විය. ඒ 2021 06 09 වැනිදාය. එතැන් පටන් නැවතත් අරගලය යම් වෙනසක් වෙමින් නවතම ජවයකින් ආරම්භ වෙමින් තරුණ තරුණියන්ගේ එකම ඉලක්කය වුයේ 2021 07 09 දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දුරයෙන් පලව හැරීමයි. අප ඒ පිලිබදව මෙම වෙබ් අඩවියේම සදහන් කලේ “ගෝඨාභයටත් ගඩාෆිට සිදු වූ දේම වෙන ලකුණු” ලෙසයි. ඒ මීට මාස දෙකකට පෙරයි.
අවසානයේ පාරිසුද්ධ වූ අරගලකරුවන් 2021 07 09 වන දින වන විට රාජපක්ෂ පවුලේ බලය සහමුලින් ඉවත් කිරීමට සමත් විය. නමුත් නීතියානුකූලව පාර්ලිමේන්තුව මගින් ඉවත්කිරීමට අවශ්‍ය යෝජනා ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට දේශපාලන නායකයන් කිසිවක් සිදු කලේ නැත. එහි ප්‍රතිපලයක් ලෙස පීඩිත ජනතාව ලක්ෂ ගනනාවක් ශ්‍රී ලංකාවේ අගනගරයට පැමිණියේ ජනාධිපති එලවා දැමීමටය. අවසානයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවෙන් පලා ගියේය. රාජපක්ෂ පාලනය සම්පූර්නයෙන්ම ඉවත් කිරීමට ශ්‍රී ලංකාවේ “නිර්පාක්ෂික” නාමයෙන් පෙනී සිටි වැසියන් සමත් විය. අද වන විට එයට දින 100 සම්පූර්ණ විය.
මෙම සාමකාමී අරගලය 2021 අප්‍රේල් 9 වැනිදා ගාලුමුවදොර පිටියේදී ආරම්භ වූ අතර මැයි 9 වැනිදා වන විට රාජපක්ෂ පවුලටම මෙරටින් පලා යාමට අවශ්‍ය කටයුතු සිදු විය. නමුත් ඔවුන් විවිධ කූට උපක්‍රම භාවිතා කරමින් බලයේ රැදී සිටීමට උත්සාහ කලේ ශ්‍රී ලාංකික ජනතාව ලක්ෂ 66 ක් කුසගින්නේ තැබීමට කටයුතු කරමිනි.
ඔවුන්ගේ සියලුම බලපුළුවන්කාරකම් අවසන් කරමින් එරට ජනතාව වීථි බැස්සේ කොළඹට යාමට ඉන්ධනවත් නොමැතිව තිබියදීය. සති ගණන් ඉන්ධන බෙදා හැරීම පවා නතර කරමින් ලංකා ගමනා ගමන මණ්ඩලයේ බස් රථ පවා එදින ධාවනයෙන් ඉවත් කෙරිණි.
ඒ අකාරයෙන් සුවිශාල ජන සංඛ්‍යාවක් කොළඹ ගාලුමුවදොරට රැස්වී ජුලි 9 වැනිදා පැවැත්වූ දැවැන්ත මහජන විරෝධතාව මෙරට එදා මෙදා තුර ලක්ෂ ගණනාවක සහභාගීත්වයකින් පැවැති සාමකාමීම මහජන අරගලය ලෙස ඉතිහාසයට එක් විය. එපමනක් නොව එය ලෝක ඉතිහසයට ද එක් විය.
රාජපක්ෂ පාලනය අවසන් කරන විට දේශප්‍රේමී තරුණ ජීවිත 3000 කට ආසන්න ප්‍රමාණයකට නඩු වැටී තිබේ. නමුත් රාජ්‍ය බලය භාවිතා කරමින් රට ගිනි තැබූ පොලිස් නිලධරීන් ඇතුළු කිසිම පුද්ගලයෙකුට මේ වන විටත් නඩු පැවරීමට කටයුතු කර නැත. රාජපක්ෂ පවුලේ බලය එතරම්ම ප්‍රබල විය.
ජුලි 9 වැනිදා ජයග්‍රහනයෙන් පසුව නිර්පාක්ෂික ඉතිහාසගත අරගලය බෙදා ගැනීමට දේශපාලන පක්ෂ කටයුතු කිර්මත් සමගම අරගලයේ පිරිසිදු බව අවසන් විය. අරගලයට උදව් උපකාර කල නීතිඥ සංගමයද ඉවත් විය. එත් සමගම අරගලය දියාරු විය. අරගලකරුවන් නොහොත් පීඩිත ජනතාව වෙනුවෙන් ප්‍රභල රාජපක්ෂවරුන්ට එරෙහිව පාරට බැස්සේ විශ්වවිද්‍යාල සිසුන්ය. ඔවුන්ට නායකත්වය දුන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ බැව් නොරහසකි. කෙසේ නමුත් ඒ වෙනුවෙන් පෙනී සිටි තරුණ තරුණියන් වෙනුවනේ, ඔවුන්ගේ අනාගතය වෙනුවෙන් තවමත් කිසිවක් දිනාගැනීමට ඔවුන්ව සමත්ව නැත. දැන් ඔවුන් “ තක්කඩි දේශපාලන ගැටවලට” හසුව තිබේ.
යුරෝපය නැගී සිටියේ ශතවර්ෂ ගණනාවක් ගොසිනි. දැන් ශ්‍රී ලංකාවට පිබිදීමට අවශ්‍යයි. අලුත් රටක් හදන්නට තරුණයන් දිවි පිදුවේය. දුක් වින්දේය. නමුත් ඔවුන් ඉල්ලන සැබෑ දේ තවමත් ඔවුන්ට ලැබී නැත. එය කුමදැයි යන්න ඔවුන් දැන් හදිඔන ගෙනද නැත. ඔවුන් ඉල්ලන දේ දිය යුතුය. එත් සමගම ශ්‍රී ලංකාව දිශාවකට රැගෙන යාමට නම් “ ජාතික තරුණ ප්‍රඥප්තිය” පාර්ලිමෙන්තුවේ සම්මත කරමින් ඔවුන්ටත් මතු පරපුරටත් ජීවිතය දිය යුතුය.
