අමෙරිකාවේ අධික ශීතලෙන් මිනිස් ජීවිත අවදානමේ.

මේ දිනවල අමෙරිකාවට බලපා ඇති අධික ශීතල කාලගුණය හමුවේ පුද්ගල ජීවිතවලට තර්ජනයක් එල්ල වී තිබේ.මේ වන විට මෙම අධික සීතල දරාගත නොහැකිව පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එරට කෝටි 02ක පමණ ජනතාවට මෙම අධික ශීත තත්ත්වය බලපෑම් එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.

මෙම හිම කුණාටු තත්ත්වය සමග එරට ගුවන් ගමන් රැසක් ද අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර එරට නිවාස රැසකට විදුලි ඇණ හිටීම් ද සිදුව  ඇත.

එමෙන්ම ඇතැම් පිරිස් අමෙරිකාවේ දකුණු ප්‍රදේශයට ගමන් කර ඇත්තේ මෙම ශීත කාලගුණයට මුහුණ දීම සඳහා බව ද වාර්තා වේ.

Exit mobile version