අයහපත් කාලගුණය නිසා වැඩිපුර ඉන්ධන ලැබෙන ලකුණු

අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් පීඩාවට පත් වී ඇති ගම්පහ දිස්ත්‍රික් ජනතාවට සහන සැළසීම සම්බන්ධයෙන් ඊයේ (16) ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති සාකච්චාවේදී තීරණය කර ඇත්තේ QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට අනුමැතිය ලබා දෙන බවයි.

ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ දිසාපති එස්.සත්‍යානන්ද මහතා මේ සදහා අනුමැතිය ලබා දී ඇත.

ගම්පහ දිසාපතිවරයා අවශ්‍යතාවය අනුව QR ක්‍රමයෙන් බැහැරව ඉන්ධන නිකුත් කිරීමට වහා පියවර ගන්නා ලෙස සියලුම ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් ලබා දී ඇති අතර ඒ බව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ප්‍රධානීන්ට ලිඛිතව දැනුම්දෙන ලෙසද උපදෙස් ලබා දී ඇත.

මේ සදහා රාජ්‍ය  ආයතනවල නිලධාරින් රැසක් සහභාගී වී ඇත.

මේ අතර නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා දිස්ත්‍රික්කයේ සියලුම පළාත්පාලන ආයතන ප්‍රධානීන්ට හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට උපදෙස් දී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයේ නැවත ගංවතුර තත්වයක් ඇති නොවීමට ගත යුතු සියලුම ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසයි.

එසේම ගංවතුර තත්වය පහව ගිය වහාම සියලුම ජල බස්නා මාර්ග පිරිසිදු කිරීමට කඩිනම් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සදහා අවශ්‍ය ප්‍රතිපාදන වෙන්කරවා ගනිමට රජය සමග තමන් සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සදහන් කර ඇත.

Exit mobile version