ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සදහා අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) නියෝජිතයින් පිරිසක් ලබන සතියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව වාර්තා වේ.
අදාල නියෝජිත පිරිස මේ මස 9 වැනිදා (ලබන අගහරුවාදා) ශ්‍රී ලංකාවට ළගාවීමට නියමිත අතර ඔවුන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරින් ,ක්‍රීඩා අමාත්‍යවරයා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ නිලධාරින් හමුවීමට නියමිතය.
