අරගලයේ ජනතාව රුපවාහිනී සංස්ථාව දෙසට . දේශපාලනිකරණය වූ අරගලයට අනතුරක සේයාවක්.

මේ වන විට කොළඹට ඇදිරිනීතිය පනවා ලංකාව පුරාම හදිසි නීතිය පනවා තිබේ. එසේම කලහකාරී පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමේ නියෝගද නිකුත්ව තිබේ. ජුලි 9 වැනිදා ගෝඨාභය රාජපක්ෂ මහතා පලා යාමත්, රාජපක්ෂවරු පලවා හැරීමත් සමගම අරගලයේ යටින් සිටි බවට සැකකළ අනුර කුමාර දිසානායක සහ කුමාර් ගුණරත්නම් එලියට ආවේය. ඒත් සමගම අරගලය තුල තිබු ජවය හීන වී ගියේය.

එසේම ජුලි 9 වැනිදා මෙහෙයුමට නායකත්වය දුන් දේශපාලන නායකයන් ඉන් ඉදිරියට නායකත්වය ලබා දෙන බව ප්‍රකාශකලේ නැත. ඔවුන් සාමුහිකව එකතු වෙමින් ජුලි 9 වැනිදා වෙනුවෙන් නායකත්වය දෙමින් ඉලක්කයට පැමිණියේය. නමුත් මේ වන විට අරගලයේ සාමාජිකයන් ලෙස සිටින්නේ ජනතා විමුක්ති පෙරමුණ සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ සාමාජිකයන් පමණි. නමුත් වෙන්නේ කුමක්ද යන්න නොතේරෙන විශාල ජනතාවක් තවමත් රැල්ලට යමින් සිටි.

රනිල් සොයා කොළඹ පීරන තරුණ තරුණියන්ගේ ජීවිත මේ වන විට දැඩි අවධානමක තිබේ. ඒ අනුර කුමාර දිසානායක සහ කුමාර් ගුණරත්නම් යන පුද්ගලයන් එය ඔවුන්ගේ බව ප්‍රකාශ කිරීමත් සමගය. නොකල යුත්තක් සිදුකරමින් තරුණ ජීවිත පාවා දීමක් සිදුවීමෙන් තවමත් ලෝකය නිසි ලෙස හදුනා නොගත් තරුණ ජීවිතවලට දැඩි හානියක් එයින් සිදුව තිබේ.

මේ වන විට මෙම තරුණ කණ්ඩායම් ජාතික රුපවාහිනිය දෙසට ගමන් කරමින් සිටින බව අප වාර්තාකරුවන් සදාහං කරන ලදී.

Exit mobile version