අරගලය කලේ LTTE ය නම් ආරක්ෂක ලේඛම් මොනවද කලේ?. අරගලකරුවන් කර තිබෙන්නේ ජාතික මෙහෙවරකී

මේ වන රට පුරා ආන්දෝලනාත්මක ලෙස පැතිර යන්නේ පවතින සහ පැවති අරගලය බිහිකලේ LTTE සංවිධානය බවයි. එය සිදු උනේ එසේ නම් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, ආරක්ෂක ලේඛම් කමල් ගුණරත්න මහත්වරුන් ඇතුලු සමස්ථ ආරක්ෂක මංඩලයම එයට වගකිව යුතුය. එය එසේ සිදු ඌයේ නම් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව සුරැකීම වෙනුවෙන් ජනතාව ජනාධිපති ලෙස තෝරාගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රමුඛ සියලු සහචරයන් නිදාගෙන සුව නින්දක ඉද තිබේ. එසේ නොමැති නම් ඔවුන්ගේ අරමුණ වෙනත් එකක් ව තිබිය යුතුය.

මේ ඒ පිලිදව මුහුණු පොතේ තිබු සටහනකි.

අරගලය බිහිකළේ එල් ටී ටී ය නම්..ජාතික ආරක්ෂාව ගැන බයිලා ගසා ගෙනා ගෝටා අසමත් බව හා,ඔහුට එරෙහිව ජනතාව අරගල කිරීම සාධාරණ බවේ තර්කය.අරගලය ගෙන ආවේ පාස්කු ප්‍රහාරක යා නම්..ගෝටා බලයට එන්නට බාවිතා කල ජාතික ආරක්ෂාව සමබන්ධව ම අසමත් බවේ තර්කය…හා අරගල කරුවන් දැන හෝ නොදැන රාජ්‍ය ආරක්ෂාව සැපයිය නො හැකි ගෝටා ඒ අනුව පලවා හැරීමෙන් ජාතික මෙහෙවරක් කර ඇති බවේ තර්කය හා..ගෝටා එලවා දැමු ජනතාව ජාතික ආරක්ෂාව වෙනුවෙන් ඉතාමත් බුද්ධිමත් ලෙස පාරට බැස ඇති බවත්,එයින් බහුතරය ගෝටා වරදක් කලොත් ඉස්සරලම පාරට බහින්නේ අපි යැයි කියූ ගෝටා ට චන්දය දුන් පිරිස බවත්,සැබවින්ම ඔවුන් චිත්‍ර ඇන්දා සේම සාර්ථකව එයද කළ බවත්,ලන්සා හා දුමින්ද සමාගම් නිසා ඒ තරුණයන් මත්ද්‍රවය වලට ඇබ්බැහි වී ඇත්නම්..එහි වගකීම පැවරෙන්නේ ද ගෝටාබය .සුසිල් ප්‍ර්මේජයන්ත ප්‍රමුඛ දුෂිත පෙරමුණට බවත්..වලිගය පාගා ගත් සුසිල් ප්‍රේම්ජයන්ත් ට කව්රුන් හෝ පැහැදිලි කල යුතුය.”

Exit mobile version