අරඟලයට නායකයන් 10 දෙනෙකු පත් කරයි !.

ගාලුමුවදොර පිට්යෙහි පවතින ජනතා අරගලයට මේ වන තෙක්ම නායකයන් සිටියේ නැත. දින 5 ක් තිස්සේ ගෙන ගිය මෙම අරගලයට අගමැතිවරයා ප්‍රතිචාර දැක්වීමත් සමගම අරගලයට නායකයන් පත් කර ගැනීමට ඔවුන් තීරණය කර තිබේ.

ඒ අනුව 10 දෙනෙකුගෙන් යුත් කැඳවුම්කාර මණ්ඩලයක් එයට පත් කරගැනීමට ඔවුන් තීරණය කර තිබේ.

අද හවස එම 10 දෙනා ප්‍රසිද්ධ කිරීමටද ඔවුන් සැලසුම් කර තිබේ.

එසේම මෙම අර්ඝලය දෙස සමස්ත ලෝකයම අවධානය යොමුකර තිබේ. එබැවින් රජයේ පාර්ශ්වයන් ඉතාම වගකීමෙන් කටයුතු කල යුතුව තිබේ. විශේෂයෙන්ම රජයේ පාර්ශ්වය වගකීමෙන් තොරව තීරණ ගත හොත් අතීතයට වඩා වෙනස් ලෙස ශ්‍රී ලාංකිකයන්ගේ ඉරණම තව දුරටත් දුක්ඛිත වීමට ඉඩ තිබේ.

Exit mobile version