අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගනයේ හදිසි ගින්නක්.

හෙට (20) දිනයේ විවෘත කිරීමට නියමිතව තිබෙන අසුපිනිඇල්ල ජල ව්‍යාපෘතියට අයත් බට තොගයක් හදිසියේ ගිනිගැනීමකට ලක්ව තිබෙන බවට වාර්තා වේ.

අද (19) සවස ගින්න ඇතිවී තිබෙන අතර රුපියල් කෝටි ගණනක බට තොගයක් අරණායක උස්සාපිටිය මහජන ක්‍රීඩාංගණයේ තිබූ බවට සදහන්.

මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ ගිනිනිවීමේ ඒකකය සහ ප්‍රදේශවාසීන් එක්ව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබේ.

අරණායක පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.

Exit mobile version