අරාබි නියෝජිතයන් ඉල්ලූ සටන් විරාමය

ගාසා තීරයේ පවතින ගැටුම්කාරී වාතාවරණය පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ඊශ්‍රායලයේ සංචාරයක නිරත වූ අමෙරිකානු රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (04) ජෝර්දානයේ දී අරාබි රටවල නියෝජිතයන් සමඟ සාකච්ඡාවකදී ගාසා තීරයේ වහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කළ යුතු බවට අරාබි රටවල නියෝජිතයන් විසින් ඉල්ලීමක් සිදු කර තිබේ.

වාර්තා වන ආකාරයට සටන් විරාමයක් ප්‍රකාශයට පත් කිරීම, හමාස් සංවිධානයට යළි ශක්තිමත් වීමට ඉඩ ලබාදීමක් විය හැකි බැවින් ඊට එකඟතාව පළ නොකරන බව අමෙරිකානු රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

Exit mobile version