අල්ලස් ගත් ලංගම නිලධාරියා මාට්ටු.

ශ්‍රී ලංගම කළුතර ප්‍රාදේශීය කාර්‍යාලයේ ධාවන කළමණාකරු අල්ලස් ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඊයේ (15) අත්අඩංගුවට ගත් බව වාර්තා වේ .

ලංගම පානදුර ඩිපෝවේ රියදුරෙකු විසින් සිදු කළ පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස පැමිණිල්ල ඉදිරිපත් කළ පුද්ගලයාව ඩිපෝවෙන් පිටත මාර්ගයේ රියදුරු රජකාරී යෙදවීම සඳහා රුපියල් 15,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේ දී පානදුර ශ්‍රී ලංගම ඩිපෝව පරිශ්‍රයේ දී අත්අඩංගුවට ගත් බව සදහන්.

සැකකරු අද (16 ) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

Exit mobile version