අලි – මිනිස් ගැටුම අවමයට පියවරක්.

අලි – මිනිස් ගැටුම අවමය කිරීම සදහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් නව වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති අතර ඒ සදහා අලිමංකඩ 16 ක් නැවත වන අලින් සදහා විවෘත කිරීමට නියමිත බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරන ලදී .

එමෙන්ම අලිමංකඩවල පදිංචිව සිටින ජනතාව ඉන් ඉවත් කරීම සම්බන්ධයෙන් මේ වන විට සාකච්ඡා සිදු කෙරෙන බව ඔවුන් වැඩි දුරටත් සදහන් කරන ලදී.එමෙන්ම මෙම වැඩසටහන පිළිබදව ජනතාව දැනුවත් කිරීමටද බලාපොරොත්තු වන බව කියයි.

මෙම වැඩසටහන යටතේ මෙම වර්ෂය තුළදී වන අලින් සදහා විවෘත කිරීමට නියමිත අලිමංකඩ කිහිපයක් විවෘත කිරීමට බලාපොරොත්තු වන බවද ඔවුන් කියා සිටීයි.

Exit mobile version