අලි සබ්‍රි ඉරානයට.

ඉරානයේ විදේශ කටයුතු ඇමති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් යොමු කළ ඇරයුමකට අනුව, විදේශ කටයුතු ඇමති එම්.යූ.එම්. අලි සබ්‍රි අගෝස්තු 04 සිට 07 දක්වා ඉස්ලාමීය ඉරාන ජනරජයේ නිල සංචාරයක නිරතවීමට නියමිත බව වාර්තා වේ.

ඇමැතිවරයා මෙම සංචාරය අතරතුර ඉරාන ජනාධිපති ආචාර්ය සෙයිද් ඊබ්‍රාහිම් රයිසි හමුවීමට නියමිත අතර, දෙරට අතර පවත්නා සමීප සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් ඉරාන විදේශ කටයුතු ඇමැති ආචාර්ය හොසේන් අමීර් අබ්දුල්ලාහියන් මැතිතුමා ඇතුළු රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවී සාකච්ඡා පැවැත්වීමට ද නියමිත බව සදහන්.

එසේම ඇමැතිවරයා ඉරානයේ දේශපාලන හා අන්තර්ජාතික අධ්‍යයන ආයතනයේ දී දේශනයක්ද පවත්වනු ඇති.

Exit mobile version