අලුත් සහල් මංගල්‍යයට සූදානමක්

අලුත් සහල් මංගල්‍යය සදහා දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ මූලිකත්වයෙන් සහල් එකතු කිරීම අද (24) සිට ආරම්භ කර ඇති බවට වාර්තා වේ.

එහි සමාරම්භක උත්සවය අද ගම්පහ -බියගම- උඩුපිල ගොවිජන සේවා මධ්‍යස්ථානයේදි පැවැත්වුණි.

ඒ අනුව මෙලෙස රැස් කරන මහ කන්නයේ අස්වැන්න ලබන මස 1 හා 2 වන දින ඓතිහාසික අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස සිදු කෙරෙන අලුත් සහල් මංගල්‍යය සදහා යොදාගැනීමට නියමිත අතර ජනපතිගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවට කෘෂිකර්ම අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබේ.

Exit mobile version