මියන්මාර හිටපු නායිකා අවුන්සාන් සුකීට වසර 07ක සිරදඬුවමක් එරට හමුදා අධිකරණය විසින් පනවා ඇති අතර ඒ සමග ඇයගේ දඬුවම් කාලය වසර 33ක් දක්වා දීර්ඝ වනු ඇත.
මියන්මාර නායික වශයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව බලයට පැමිණි අවුන්සාන් සුකීගේ රජය පසුගිය වසරේ පෙබරවාරි මස හමුදා කුමන්ත්‍රණයක් මගින් පෙරලා දමන ලදී.
අනතුරුව නිවාස අඩස්සියේ රඳවා ගැනීමෙන් පසු අද (30) දිනය දක්වා ඇයට චෝදනා 19කට අදාළව නඩු පවරා තිබේ.
ඇයට මෙසේ අද (30) වසර 07ක සිරදඬුවම් නියම කර ඇත්තේ අමාත්‍යවරයෙකුට නියමිත පටිපාටිය අනුගමනය නොකරමින් හෙලිකොප්ටරයක් බද්දට ලබා දීම ඇතුළු චෝදනා 05කට අදාළව ය.
මේ අතර පසුගිය සතියේ ජගත් ආරක්ෂක කවුන්සිලය විිසින් ඇයව නිදහස් කරන ලෙස ද මියන්මාර හමුදා ජුන්ටාවෙන් ඉල්ලීමක් සිදුකර තිබේ.
