අහුංගල්ල , ඌරගහ මාර්ගයේදී ත්‍රීරෝද රථයකින් පැමිණ සිදු කළ වෙඩිතැබීමකින් තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනෙකු බලපිටිය රෝහල වෙත ඇතුළත් කළ බව වාර්තා වේ .
එකම පවුලේ මව, පියා සහ මාස 4 ක් වයසැති බිළිදියෙකු මෙම වෙඩිතැබීමෙන් තුවාල ලබා ඇති අතර ඔවුන් යතුරුපැදියකින් යමින් සිටියදී මෙම සිදුවීමට මුහුණදී තිබේ .
වැඩි දුරටත් වාර්තා වන්නේ බිළිදියගේ පාදයටත් , එක් අයෙකුගේ මුඛයටත් වෙඩි වැඩී ඇති බවයි.
එමෙන්ම පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන්නේ මෙම වෙඩි තැබීම සිදුකර ඇත්තේ කුඩු පැටී නැමැති අයෙකුගේ ගෝලයෙකු වන කොස්ගොඩ සුජීගේ මස්සිනා විසින් බවයි.
කෙසේ නමුත් වෙඩි තැබීම සිදු කළේ කවුරුන් විසින්ද යන්න පිළිබදව අප මෙතෙක් නිශ්චිතවම තහවුරු කරගෙන නොමැත.
