ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය කාර්යාල අද (15) දිනයේ සිට විවෘතව තැබෙන බවට එම දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක් නිකුත් කරමින් දන්වා ඇත.

ඒ අනුව මාතර, මහනුවර, කුරුණෑගල සහ වව්නියාව යන ප්‍රාදේශීය කාර්යාල විවෘතව තැබෙන අතර ඒවා විවෘතව තැබෙන්නේ උදෑසන 09 සිට දහවල් 01 දක්වා පමණි.

ඒ අනුව ඔවුන් සඳහන් කර ඇත්තේ අත්‍යවශ්‍ය සේවා අවශ්‍ය සේවාලාභීන් පමණක් තමන් පදිංචි ස්ථානයට ආසන්නතම කාර්යාලයට පැමිණ අවශ්‍ය කටයුතු සිදුකර ගන්නා ලෙසටය.

එමෙන් ම එම ප්‍රාදේශීය කාර්යාල සම්බන්ධ කරගත හැකි දුරකථන අංක,

මාතර ප්‍රාදේශීය කාර්යාලය  –  041 5 41 2212

මහනුවර ප්‍රාදේශීය කාර්යාලය – 081 562 4509

වව්නියාව ප්‍රාදේශිය කාර්යාලය – 025 567 6344

කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලය – 037 555 0562

මෙම දුරකථන අංක ඇමතීමෙන් වැඩිදුර විස්තර ලබා ගැනීමේ හැකියාව ඇත.

එසේම ආගමන විගමන දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලය මගින් දැනට පවත්වාගෙන යන එක් දින සේවාව යටතේ විදෙස් ගමන් බලපත්‍ර ලබාදීම පමණක් සිදුකරන බවයි.

Exit mobile version